Saturday, September 19, 2015

ඔයාටත් ආදරේ කරන්න මෙහෙම කෙනෙක් ඉන්නවද ? ඔයා එයාට ඇත්තටම ආදරය කරනවද ...??

ඔයාලාගෙ ගෙදර ඉන්න සුරතලා ඔයාට නොකියා කියන දේවල්  ටිකක් මේ





 * මගේ ජිවිතය පසුගිය අවුරුදු 10 සිට 15 දක්වා කාලය තුල අපේ කිසියම් වෙන්විමකින් වුවත් මාව වේදනාකාරි බවට පත් වේවි. මතකද ඔබ මාව ලබා ගැනිමට පෙර ඔබ ගත කල කාලය?

* ඔබට මගෙන් මොනවද ඕන දැයි කියා තේරුම් ගැනිමට මට කාලය ලබා දෙන්න.

* ඔබගේ ජීවිතයෙන් මටත් තැනක් ලැබේයැයි මා විශ්වාසය තබමින් සිටින්නම්. එය ඉතා වැදගත් වෙනවා මගේ පැවැත්මට.

* මා සමග බොහෝ කල් තරහ වි සිටින්න එපා. ඒ වගේම දඩුවම් දිමක් ලෙස මාව හිරකර දමන්නත් එපා.


* ඔබ මට පහර දිමට පෙර මදකට හිතන්න. මට තිබෙනවා තියුණු දත්. ඒවායින් ලේසියෙන්ම පුලුවන් ඔබට හිංසා කරන්න. නමුත් මම ඔබව හපන්නේ නෑ. මක්නිසාද මම ඔබට ආදරේ නිසා.

* ඔබ, මට මගේ කම්මැලිකමට හෝ හිතුවක්කාර කමට සැර කිරිමට පෙර මදක් සිතන්න. ඔබ විසින් තරහෙන් මට කියන යම් කිසි දෙයක් වුණත් මට ලොකු හිරි හැරයක් වෙනවා. සමහරක් විට මම ආහාර ගන්න එකක් නෑ. එක්කෝ මට අකමැත්තෙන් වුනත් බොහෝ කාලයක් ගෙදරින් පිටවි සිටිමට සිදු වෙනවා . නමුත් එයින් මගේ හදවත වියපත් බවට සහ දුර්වල බවට පත් වෙනවා.

* මාව හොදින් බලා ගන්න. විශේෂයෙන් මම මහලු බවට පත් වු විටදි. ඔබද මහලු බවට පත් වේවි. මාත් සමග යන්න අමාරු චාරිකා වලදි "මට ඔබව ගෙනිහින් රැක බලා ගැනිමට බැහැ"යි කියා කවදාවත්ම කියන්න එපා . ඔබ සැමවිටම මගේ ළග සිටින විට සෑම දෙයක්ම පහසු වෙනවා .


♥♥♥ මගේ මරණයෙදි පවා මතක තබා ගන්න මම ඔබට ආදරේයි කියලා ♥♥♥

No comments:

Post a Comment