Tuesday, September 29, 2015

5ජි තාක්ෂනය සාර්ථකව අත්හදා බැලෙයි

ෆයිව් ජි තාක්ෂනය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට සරේ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පිරිසක් සමත්ව සිටිති.ටප්පරයකට ටෙරාබයිට් එකක වේගයෙන් කල මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100 ක් තප්පර 03 කදී ඩව්න්ලෝඩ් කල හැක. මෙය දැන් ෆෝ ජි තාක්ෂණයට වඩා හැට පන්දහස් ගුණයකින් වැඩි වේගයකි.වසර 2018 වන විට දියුණු රටවල් වලදී මෙම තාක්ෂනය යොදා ගෙන දත්ත හුවමාරු කල හැකි වාක් සේම 2020 දී ලෝකයේ බොහෝ රටවලදී දත්ත හුවමාරුවට මෙමෙ 5ජි තාක්ෂනය යොදා ගත හැකි වෙතයි අපේක්ෂිතය. 1980 දශකයේ දුරකථන සන්නිවේදන තාක්ෂනය ඉදිරිපත් වීමත් සමග සෑම අවුරුදු 10 ක් පාසාම වාගේ එහි කැපී පෙනෙන වෙනස්කම් සිදී වී තිබේ. දශකයකට පසුව දියුණුව එන මෙම තාක්ෂනය එක් පරම්පරාවක් ලෙස සලකයි.ඒ අනුව 1981 දී හදුන්ව දුන් ඇනලොග් සෙලියුලර් තාක්ෂනය එක් පරම්පරාවක් සේ සලකයි. පළමු පරම්පරාව 1ජි ය. දෙවන පරම්පරාව 2ජි ය. 2001 පටන් තුන්වෙනි පරම්පරාවේ තාක්ෂනය 3 ජි බාවිත කෙරේ.දැන් බාවිතා කෙරෙන අලුත්ම තාක්ෂණය 4ජි සෙලියුලර් තාක්ෂණයයි. http://yllix.com/fullpage.php?section=General&pub=376964&ga=g

No comments:

Post a Comment