Tuesday, November 3, 2015
පියයුරු පිළිකාව පාලනය කර ගත හැකි ආහාර වර්ග 10 ක්..
පිළිකාව නොහොත් Cancer යනු ලොකු කුඩා තරුණ මහලු කාගේත් භීතිය ඇති කරන වචනයක්. පිළිකාවක් සුව කිරීම සදහා නිස්චිත විශ්වාසදායි ප්‍රතිකාර ක්‍රමයක් මේ වනතෙක් සොයා ගැනීමට නූතන විද්‍යාවට පවා නොහැකි වීම මගින්ම මෙම රෝගයේ බරපතල කම කෙනෙකුට තේරුම් ගැනීමට පුලුවන්. නමුත් මූලික අවධියේම පිළිකා සෛල වර්ධනය වන බව සොයා ගැනීමට හැකි වුවොත් මෙය අනිවාර්යෙන්ම සුව කිරීමේ හැකියාව පවතිනවා. ඇතැම් විට ඉතා උග්‍ර අන්දමින් පිළිකාව පැතිර තිබුණත් සම්පූර්ණයෙන්ම සුව වෙන අවස්ථාවන් සමාජයෙන් ඉතා අඩුවෙන් සොයා ගැනීමට පුලුවන්. මෙය ඇතැම් විට රෝගියාගේ කර්ම ශක්තිය, වාසනාව, ප්‍රතිශක්තිය නිසා සිදු වෙන්නක් බව සිතන්නට පුලුවන්. පිළිකාව නොහොත් Cancer වල ප්‍රබේධ ගනණාවක් තිඛෙනවා. මේ අතරින් කාන්තාවන්ට බහුලවම වැළදෙන රෝගී තත්වය ලෙස පියයුරු පිළිකා නොහොත් Breast Cancers හැදින්වීමට පුලුවන්. ලංකාව තුළ ද මේ වන විට මෙම රෝගයට ගොදුරු වන කාන්තාවන් ගණන දිනෙන් දින වැඩි වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැඛෙනවා. පියයුරු පිළිකා අවධානම අඩු කර ගත හැකි පෝෂදායී ආහාර කිහිපයක පහත දක්වා ඇත
1. ගෝවා
විශේෂයෙන්ම Broccoli නම් ගෝවා වර්ගය තුළ ඇති Indole-3-carbinol නම් කාබනික සංයෝගය මගින් කරදරකාරී පිළිකා ෙසෙල වල වර්ධනය නිශේධනය කරන බව නවතම පර්යේෂණවලින් තහවුරු කරගෙන තිඛෙනවා. එමගින් පිළිකා ෙසෙල වල ව්‍යාප්තිය අඩු වෙනවා. Broccoli යනු ලංකාව තුළ ඇති මල් ගෝවා වලට සමාන ප්‍රබේධයක්
2. වියලි කහ Turmeric
වියලිකහ යනු පිළිකා ෙසෙල වල නිදහස් ව්‍යප්ත වීම වලකන ඉතා හොද ප්‍රති ඔක්සිකාරකයකි. මෙය මගින් පිළිකා ෙසෙල වල වර්ධනයට අත්‍යවශ්‍ය පරිසරය අඩු කිරීමක් සිදු කරනු ලබනවා. එදිනෙදා ආහාර වලට කහ එකතු කිරීමෙන් පිළිකා අවධානම ද අඩු වෙන බව ඔබ මීට පෙර දැන නොසිටින්නට ඇති.
3. සුදු ලූණුු Garlic
සුදු ලූණු වල ඇති ප්‍රති ඔක්සිකාරක මගින් ද පිළිකා ෙසෙල වල වර්ධනය නිශේධනය අරන බව නවතම පර්යේෂණවලින් පෙන්වා දෙනවා. එම හේතුව නිසා දිනපතා අහාරයට සුදු ලූණු එක් කර ගැනීමද ඉතා වැදගත් වෙනවා. එමගින් අනවශ්‍ය ෙසෙල වල වර්ධනය නිශේධනය කර පියයුරු පිළිකා, සහ අනෙකුත් පිළිකා ෙසෙල වර්ධනය ද අඩු කරනවා
4. තක්කාලි Tomatoes
තක්කාලි යනු පොටෑසියම් සහ මැග්නීසියම් යන කනිජ වලින් සපිරි ප්‍රති ඔක්සිකාරක අඩංගු එලවලුවකි. මෙම මූල ද්‍රවය මගින් කරදරකාරී පිළිකා සෛල වල උත්පාදනය නැති කරනවා. එමෙන්ම අසාමන්‍ය ෙසෙල විනාශ කිරීමක් ද මෙමගින් සිදු කරනවා.
5. දෙළුම් Pomegranate
මෙමගින්ද පියයුරු පිළිකා ෙසෙල වල වර්ධනය නිශේධනය කරනවා. එමෙන්ම දෙළුම් යනු ඖෂධීය ගුණයෙන් ඉතා වැඩි පළතුරක් ලෙස හදුන්වන්න පුලුවන්. බොහෝමයක් ලෙඩ රෝග සඳහා ඉතා හොද ඖෂධයක් ලෙස හදුන්වන්නට පුලුවන්
6' Blueberries
මෙහි ඇති ෆ්ලේවනොයිඩ සහ ප්‍රති ඔක්සිකාරක මගින් අසාමාන්‍ය සෛල වල වර්ධනය වලකනවා. එමෙන්ම නවතම පර්යේෂණවලින් තහවුරු වෙනවා දිනපතා බ්ලූඛෙරි වීදුරුවක් පානය කළ හැකි නම් පිළිකා අවධානම සෑහෙන ප්‍රමාණයකින් අඩු කර ගත හැකි බව
7. හරිත තේ Green tea
පියයුරු පිළිකා ෙසෙල වර්ධනය නිශේධනය කරන ප්‍රති ඔක්සිකාරක අඩංගු පානයක් ලෙස හරිත තේ හැදින්වීමට පුලුවන්. එමෙන්ම ඖෂධීය ගුණය අතින් ශරීරයට ඉතා හිතකර පානයක් ලෙස හදුන්වනවා.
8. නිවිති Spinach
පියයුරු පිළිකා අවධානම අඩු කර ගැනීමට හැකි ඉතාම සරල ආහාරයක් ලෙස නිවිති හැදින්වීමට පුලුවන්. කාන්තාවන් සතියකට දෙවතාවක් පමණ නිවිති ආහාරයට එක් කර ගැනීම මගින් පියයුරු පිළිකා අවධානම අඩු වෙන බව වාර්තා 2ක් ඔප්පු කර පෙන්වා තිඛෙනවා.
9. මාළු Fish
විශේෂයෙන්ම සැමන් මාළු ආහාරයට ගැනීම මගින් එහි ඇති එක්තරා මේද අම්ලයක් මගින් පිළිකා ෙසෙල වලට වර්ධනය වීමට අවාසිදායක තත්වයන් ඇති කරයි.
R
10. බෝන්චි Beans
ධාන්‍ය සැම විටම තන්තු වලින් සමන්විත වෙනවා. ගැහැනු ලමුන්ට දිනපතාම ධාන්‍ය ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා අවධානම 7% කින් පමණ අඩු වෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
තවද අන්නාසි, ඔලිව් තෙල් වැනි දෑ ආහාරයට එකතු කර ගැනීමෙන්ද පියයුරු පිළිකා අවධානම අඩු කර ගැනීමට හැකියාව තිඛෙනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment