Siyalla [ඕන දෙයක් එකම තැනකින්]
ඔබට අවශ්‍ය සියල්ල එකම තැනකින් සියල්ල වෙතින්
Tuesday, February 23, 2016
මයික්‍රොචිප්ස්
අද ලෝකයේ දිනෙන් දින දියුණු වෙමින් පවතින තාක්ෂණයේ Super computers (සුපිරි පරිගණක) , ජංගම දුරකතන වල සිට මයික්‍රොවේව් උදුන් මෙන්ම විවිධ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් උපාංග දක්වා භාවිතා කරන සමෝධානික පරිපථ (Integrated Circuits- IC) නිෂ්පාදන වල ආරම්භක මූලද්‍රව්‍ය වන්නේ වැලි වල හමුවන සිලිකන්ය. 1947 බෙල් ලැබ්ස් ආයතනය විසින් ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමෙන් අනතුරුව විද්‍යාව හා ඉංජිනේරු ක්ෂේත්රවල විශාල පෙරලියක් ඇතිවිය. ඉතා කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් උපාංග නිෂ්පාදනය වීමට පටන් ගැනින.
සිලිකන් යනු ස්වභාවිකව හමුවන අර්ධ සන්නායකයකි. එක්තරා තත්ත්ව යටතේ විදුලිය සන්නයනය කරයි. තවද පරිවාරකයක් (Insulator) ලෙසද භාවිතා වේ. සිලිකන් වල ඇති මෙම ගුණාංග Impurities (වෙනත් මූල ද්‍රව්‍ය) එකතු කර ගැනීමෙන් වෙනස් කර ගත හැක. මෙය Doping ලෙස හැඳින්වේ. මෙවිට විද්‍යුතය වර්ධනය කරන උපාංගයක් වන ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය සඳහා කදිම අමුද්‍රව්‍යයක් සෑදේ. ට්‍රාන්සිස්ටර්ය බූලියානු මෙහෙයුම් සංකේත වන "and," "or" ,"not" වැනි සංයෝජන ඉදිරිපත් කිරීමේ දී on/off ස්විචයක් ලෙසද භාවිතා කෙරේ.
අද වන විට විවිධ වර්ගයේ මයික්‍රොචිප්ස් දැක ගත හැක. Microprocessors වාණිජ පරිගණක (commercial Computers) වල ගණනය කිරීම් සඳහා වන තාර්කික චිපයක් ලෙසද, Memory චිප්ස් තොරතුරු ගබඩා කිරීම සඳහා ද භාවිතා කරයි. සංඛ්‍යාංක සංඥා සකසනය( Digital Signal Processors ) ප්‍රතිසම සංඥා (Analog Signal) සහ සංඛ්‍යාංක සංඥා ( Digital Signal) පරිවර්ථකයක් ලෙස ක්‍රියා කරයි.
චිප්ස් සාදනු ලබන්නේ fabs යනුවෙන් හඳුන්වන ලබන පිරිසැකසුම් ස්ථානයකය. මෙහිදී වැලි උණු කර 99.9999% ක් ම පිරිසිදු සිලිකන් ලබා ගනී. ඉන්පසු සිලිකන් ඉන්ගොට්ස් (Ingots) සාදයි. එනම් සිලිකන් දඬු සාදයි. මෙම සිලිකන් ඉන්ගොට්ස් විවිධ ප්‍රමාණයේ ඉතා කුඩා තීරු වලට ඉරා සිලිකන් වේෆර්ස් (Wafers) සාදා ගනී. මෙය සිදු කරනු ලබන්නේ ඉතාමත් පිරිසිදු ස්ථානයකය. මෙම වේෆර්ස් හොඳින් පිරිසිදු කර ඔපදමා ඉන්පසු විවිධ චිප්ස් නිෂ්පාදනයට යොදා ගනී.
මෙම වේෆර්ස් මත විදුලි පරිවාරකයක් (විදුලිය ගමන් නොකරන) වන සිලිකන් ඩයොක්සයිඩ් ආලේප කර එය මත ආලෝක සංවේදී රසායන ද්‍රව්‍යයක් (photoresist) ආලේප කරයි.ඉන්පසු මෙම ආලෝක සංවේදී ද්‍රව්‍ය මතට පාර ජම්බුල කිරණ ලැබීමට සලස්වයි. පාර ජම්බුල කිරණ ලැබීමට සලස්වන්නේ Mask එකක් හරහාය. එනම් පරිපථ සැකැස්මක් ඇති patterned plate එකක් හරහාය. පාර ජම්බුල කිරණ ගැටුණු ස්ථාන ඝන බවට පත් වේ. ඉන්පසු උණුසුම් වායු ධාරාවක් ලබා දේ.පාර ජම්බුල කිරණ නොගැටුණු ස්ථාන වල කොටස් ඉවත් වේ. දැන් ඉතිරිවන්නේ ඝන වූ කොටස් පමණී. එනම් පරිපථය පමණී.
තව දුරටත් මෙම පරිපථයට මාත්‍රා (Doping) කිරීමෙන් හා විදුලිය ගමන් කරන තැන් සහ ගමන් නොකරන තැන් රටාවන් අනුව සකස් කිරීමෙන් සහ සමහර ස්ථාන (embodied ) ඔසවා සමහර ස්ථාන සීරීම් කර පරිපථය සකසනු ලැබේ. මේ සඳහා වාර සිය ගණනක් පමණ Mask කිරීම සිදු කරයි. ඉන්පසු විදුලිය ගමන් කිරීමට හැකිවන පරිදි පරිපථය සකසා ගැනීමට ඉතා තුනී ඇලුමිනියම් තට්ටුවක් ආලේප කරනු ලැබේ. ඉන්පසු අනවශ්‍ය ඇලුමිනියම් ආලේප ඉවත් කර අවශ්‍ය පරිපථය සකසා ගනු ලැබේ.සමහර අවස්ථාවල වීදුරු පරිවාරකද භාවිතා කරයි. අවසානයේ මෙම වේෆරයේ තත්ව පරීක්ෂාකර බලා අවශ්‍ය චිප්ස් යන්ත්‍රයකින් කපා ගනී. හොඳ තත්වයේ පවතින චිප්ස් භාවිතයට ගෙන හොඳ තත්වයේ නොමැති චිප්ස් ඉවත් කරනු ලැබේ.
උපුටාගැනීම අන්තර්ජාලයෙනි .
වැඩි විස්තර සදහා:http://www.computerworld.com/article...icrochips.html
IBM මිනිස් මොළයට ආසන්නව සමානැ’ති පරිගණක chip පතක් නිපදවයි.
Artificial Intelligence යනු ඉතාම පුළුල් විෂය ක්ෂේත්රයක් මෙන්ම ,යන්ත්‍රෝපකරණ හා මෘදුකාංග සතුව පවතින සිතීමේ සහ විධාන තේරුම් ගැනීමේ කෞශල්‍යය ය ලෙස අපේ වචනයෙන් කිව හැකියි. දශක ගණනාවක් තිස්සේ තාක්ෂණය දියුණු වුවත් , මිනිස් මොළයට ආසන්නව හෝ සමාන , සිතීමේ ශක්තිය සහිත යන්ත්රේයක් හෝ මෘදුකාංගයක් මෙතුවක් කාලයකට බිහි වී නොතිබුණි. නමුත්, අද වන විට පරිගණක ලොවේ පෙරළිකාර සමාගමක් වන IBM , එම අභියෝගය ජයගැනීමේ ගමනේ පළමු පියවර සනිටුහන් කර ඇත.
TrueNorthනමින් හැඳින්වෙන මෙම පරිගණක chip පත ලොව ප්‍රථම "ස්නායු සෛල දරණ" පරිගණක chip පත ලෙස දැනටමත් කිරුළු පැළඳ අවසන්ය. මෙය "ස්නායු සෛල දරණ පරිගණක chip පත " ලෙස හඳුන්වන්නේ එය සැබවින්ම ස්නායු සෛල දරණ නිසා නොව කෘතීම ආකාරයේ නියුරෝන භාවිතයෙන් ,එයට එය විසින්ම , එනම් ස්වයංව විවිධ කාරණා තේරුම්ගැනීමේ හැකියාව ඇති හෙයිනි.
මෙහි නිර්මාණකරුවන් පවසන පරිදි මෙම chip පතට නියුරෝන සෛල මිලියනයකට ධාරණය කරගත හැකි ප්‍රමාණයට සමාන ප්‍රමාණයේ ධාරිතාවක් , හා ඒ හා සමාන හැකියාවක් ද පවතී. භෞතිකව ගත් කල මෙය තැපැල් මුද්දරයක තරමින් යුක්තයි.
නූතන "සකසන" නොහොත් processor සතුව ට්රායන්සිස්ටර් බිලියන 1.4ක් පැවතුන අතර, ඒවා 140w (වොට් 40ක්) දක්වා පරිභෝජනය කරන ලදී. මෙම නව IBM chip පතෙහි ඇති සුවිශේෂි භාවය නම් එය සතුව ට්රාසන්සිස්ටර් බිලියන 5.4ක් තිබීමත් හා එසේ වුවත් එය පරිභෝජනය කරන්නේ 70w (වොට් 70ක්) පමණ සුළු ප්‍රමාණයක් වීමයි. එනම් එහි කාර්යක්ෂමතාවයේ ඉහල බවයි. TrueNorthවිසින් මානව මොළයේ ඇති පරිදිම ඉතා සුක්ෂම ලෙස එකිනෙකට ලඟින් ඇසිරුනු හා සම්බන්ධ වූ "neurons "භාවිතා කරනු ඇත අතර එයින් කියැවෙන්නේ මීට පෙර කිසිඳු ආකාරයකින් දක්නට නොලැබුණු විශේෂ හැකියාවන් රැසකින් මෙම chip පත සමන්විත වන බවයි. මේ හැරුණු විට මෙය සතුව program කල හැකි සම්පකර්ණ (synapses)256ක්ද ඇත. එය IBM මඟින් මෙතුවක්කාලයකට chip පතක් සඳහා යොදන ලද වැඩිම ප්‍රමාණයද වේ.
මානව මොළය සතුව නියුරෝන බිලියන 100ක් සහ සම්පකර්ණ ට්රිසලියන 150ක් දක්වා පැවතුනත් එම තත්වයෙන් වුවද මෙම chip පතට ඉතා පුළුල් පරාසයක පවතින විවිධ ක්‍රි යාකාරකම් රැසක් කල හැකිය. තවද ,මෙහි නිර්මාණකරුවන්ගේ අදහස් වලට අනුව මෙම TrueNorth chip පත මුහුදෙහි සිදුවන තෙල් ඉහිරීම් මෙන්ම සුනාමි තත්ත්ව පිලිබඳ දැනුම් දීමට මිනිස් දායකත්වයකින් තොරව භාවිත කල හැකිය.
මෙහි ඇති තවත් සුවිශේෂී ප්‍රයෝජනයක් නම් , රොබෝ තාක්ෂණයේදී වැඩි ගුණාත්මක බවින් යුතු රොබෝවරු නිර්මාණය කිරීමටද මෙය උපයෝගී කරගත හැකිවීමයි. එනම් සාමාන්‍යයෙන් නිර්මාණය කරන ලද රොබෝ කෙනෙකු යම්කිසි කුළුණක් හෝ යම් බාධකයක් වෙත ගමන් කරන විට, එම බාධකයේ නොවැදී ගමන් මාර්ගය වෙනස් කර ගමන් කරවීමට නම් අති විශාල මහන්සියක් දරා අදාළ පරිගණක ආශ්රිීත ක්‍රමවේද යෙදිය යුතුය. එනම් ඉතා විශේෂ මහන්සියක් දරා රොබෝව program කල යුතුය. මන්ද යත් අදාළ රොබෝට සිතීමේ හැකියාවක් නොමැති හෙයිනි. නමුත් එම රොබෝ ට මෙම chip පත යෙදුවහොත් ඔහු සිය කෘතීම මොළයෙන් කල්පනා කර අදාළ බාධකය මග මග හැර ගමන් කරනු ඇත. කෙසේ හෝ , වර්තමානය වන විට පරිගණක තාක්ෂණය බොහෝ අංශ වලින් මිනිසාට වඩා උසස් හා දක්ෂ ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. මෙම වසරේ මුල භාගයේ එක්තරා පරිගණක වැඩසටහනක් turing test එකක් සමත් වීමෙන් මේ බව මැනවින් වෙයි. Turing test යනු යම් යන්තරයක් මානව මොළයට සමාන වන සේ හෝ, ඊටත් වඩා හැකියාවන් පෙන්වනවාද නැත්ද යන වග සොයා බැලීමසඳහා කරනු ලබන පරීක්ෂණයකි.මෙම පරීක්ෂණයේදී , අදාල පරිගණක වැඩසටහන අවුරුදු 13ක පිරිමි දරුවකු සේ අභිරූපනය කරමින් කතා කරන ලද අතර, විනාඩි 5ක් වූ සම්පූර්ණ පරීක්ෂණ කාලයෙන් , 40%ක් පුරා එය සත්යි මිනිස් පිරිමි දරුවකු සමඟ පැවතුන කතාබහක් ලෙසට නිරීක්ෂකයන් වැරදිව වටහාගෙන තිබුණි.
Terminator වැනි සිනමා පට මඟින් එවන් ආකාරයේ තාක්ෂණයක් පිළිබඳව ඉදිරිපත් වූ අතර ඒවා අපේ ඇඟේ ලොමු දැහැ ගන්වන්නට සමත් වූයේ එම සිනමා කතාවට අනූව අවසානයේ එවන් ආකාරයේ තාක්ෂනයන් නිසා මිනිසාගේ මනුෂ්‍ය ත්වය පිලිබඳ හැඟීම් සෝදා පාලු වී ගොස් මිනිසා යන්ත්රව සමඟ යුද්දයට පෙළඹීමෙනි. තාක්ෂණය කෙතරම් දියුණු වුවද කමක් නැත. මන්ද යත් ලොවක් ඉදිරියට යාමට නම් තව තවත් ලොව දියුණු විය යුතු අතර, එයට තාක්ෂණය අවශ්යන වන බැවිනි. දියුණු වන තාක්ෂණය මෙන්ම නරකටද භාවිත තැත් කරන්නන් අප සමාජයේ ඕනෑ තරම් ඇත. තාක්ෂණයේ සුභ සිද්ධිය සම්පූර්ණයෙන් රැඳී ඇත්තේ අප අතම බව අප ඉතා අවධානයෙන් යුතුව වටහා ගත යුත්තේ එහෙයිනි. Terminator වැනි සිනමා පට මඟින් පෙන්වන, යන්ත්‍ර මිනිස් - ගැටුමක් මේ ලොව තුල ඇති කරන්නට අවැසි නම් , අප ඇත්තෙන්ම ලොවක් ඉතිරි කල යුතු නැත.
Sunday, November 8, 2015
IDM Fake Serial Error එක නැති කරගමු.
සමහර වෙලාවට fake serial කියලා error එකක් එනවා... මේ Error එක විනාඩි 5න් 5ට වගේ එනවා...
ඇත්තම කියනවා නම් එපා වෙනවා... හැබැයි IDM එක Full activate කරලයි තියෙන්නේ...
මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක් ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා....
ඔයාලත් IDM activate කලාට පස්සේ, මේ විදියට fake serial කියලා error එකක් එනවා නම් මෙහෙම කරන්න.
මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
දැන් regedit කියලා type කරලා OK කරන්න.
දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති.CheckUpdtVM කියලා එකක්. ඒක double click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික close කරලා දාන්න.
( ඔබට fake serial කියලා error message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය )
කෙල්ලෙක් හොයමුද?
ක දවසක ඉදන් දකින දෙයක් තමා ත්‍රෙඩ් දානවා "අනේ තවම මට කෙල්ලෙක් නෑ" අද උදේ පට්ට කෙල්ලෙක් දැක්ක චාටර් කොල්ලෙක් එක්ක යනවා" ඇයි අපිට කෙල්ලෝ නැත්තේ" ඔය වගේ ප්‍රශ්න අහල. ඔය වගේ ප්‍රශ්න අහන්න ගියාම සමහර කොල්ලෝ යාලුවොන්ගෙන් සමහර වෙලාවට චාටර් වෙන වෙලාවල් තියෙනවා.
ඇයි අපිට කෙල්ලෝ නැත්තේ?
ලංකාවේ ජනග්‍රහණයෙන් 52% ඉන්නේ ගැහැණු. පිරිමි හැම එකාටම එක ගානේ බෙදුවත් තවත් ඉතුරු වෙනවා. එත් අපිට කෙල්ලෝ නෑ?
හරි එහෙමනම් ඔහොම කියන කොල්ලන්ට කෙල්ලෙක් සෙට් කරගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්නම්..
උබලා මුලින්ම හිතට ගන්න ඕන තමන් පිරිමියෙක් කියන එක. අනික මේ ලංකාව කෙල්ලෙක්ට ආදරේ කෙරුව කියලා බෙල්ල කපන්න මේක හම්බ රටක් නෙවේ. අපිට නිදහස තියෙනවා ඕන කෙනෙක්ට ආදරේ කරන්න..
ගොඩක් කොල්ලෝ හිතන් ඉන්න දෙයක් තමා "අනේ මම කැතයි. මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ" උබල වැටිලා ඉන්නේ අන්න එතනයි. පොඩ්ඩක් එලියට බැහැල බලපල්ලා උබලට වඩා කැත කොල්ලෝ සිරා කෙල්ලෝ සෙට් කරගෙන නැද්ද කියල..
අනිත් එක තමා කවදාවත් කෙල්ලෙක් ඇවිල්ලා "අනේ අයියේ මම ඔයාට ආදරෙයි කියල කියන්නේ නෑ" උබලා තමා කෙල්ල්ක්ට ආදරේ ප්‍රකාශ කරන්න ඕන. ඒ වෙලාවට උබලගේ ඔය තියෙන ලැජ්ජාව පොඩ්ඩක් බිමින් තියල යමල්ල.. අපි ලජ්ජා වෙන්න ඕන හොරකම් කරන්න, වංචා කරන්න, පව් වැඩ වලට මිසක් ආදරේ කරන්න නෙවේ.
පොඩ්ඩක් පාරට බැහැල බැලුවොත් එහෙම උබලට පෙනෙයි. පට්ට සිරා කෙල්ලෝ මෙලෝ රහක් නැති කොල්ලෝ එක්ක යනවා. ඒ කොල්ලෝ උබල තරම් ලස්සන නැති වෙන්න පුළුවන්, උබලට වඩා එඩියුකේටඩ් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා උබලට වඩා මොරාල් එක අතින් ඉස්සරහින් ඉන්නවා. මොකද නැත්නම් ඒ කොල්ල වෙනුවට උබයි එතන ඉන්න ඕනා.
අපි ඉගෙනගන්න ඕන කාලේ ඉගෙන ගන්න ඕනා. හැබැයි ඉගෙන ගන්නවා කියලා පොත් ගුල්ලෙක් වෙලා පොත් අස්සෙම හිරවෙලා ඉන්න ඕනේ නෑ. පොඩ්ඩක් සමාජෙට බැහැපල්ලා. සමාජෙට බැස්සා කියලා කුඩු ගහන එකත් එක්ක කුඩු ගහන්නයි. බඩු ගහන එකත් එක්ක බඩු ගහන්නයි ඕනේ නෑ. තමන් කරන දේ තමන්ගේ හිතට අවංකයි නම් ඒ දේ කරන්න.
කෙල්ලෝ..
සමාජේ ඉන්න කෙල්ලන්ගෙන් 80% විතර කෙල්ලෝ යාලුවෙන්නේ කෙල්ලන්ගේ බාහිර ආටෝපෙට. උන්ට දැක්ක ගමන් හිත ගියා නම් අන්න ඌ තමයි කොල්ල. ඔය වගේ කෙල්ලෙක් පොඩි ලයින් එකකින් නමාගන්න පුළුවන්. විශේෂයෙන් 16-21 අතර කෙල්ලෝ.
එතකොට ඉතුරු 20%
ඔය සෙට් එක තමා මීටර්ම සෙට් එක. මුන් අනාගතය ගැන පොඩ්ඩක් හිතනවා. කෙල්ල dig එකක් කරනවා නම් dig එකක් කරන වගේ කොල්ලෙක් තමා හොයන්නේ. මුන් වැඩිය ලස්සන care කරන්නේ නෑ. හොද අනාගතයක් තියෙන කොල්ලෙක් තමා හොයන්නේ. මේ වගේ කෙල්ලෙක් නමා ගන්න පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.
කෙල්ලෙක්ට ට්‍රයි කරනකොට.
කවදාවත් කෙල්ලෝ සෙට් එකක් ඉන්න තැනකට උබ තනියම ගිහිල්ලා ලයින් කරන්න යන්න එපා. එතකොට අනිත් කෙල්ලෝ ඉස්සරහ උබලා පච වෙන එක විතරයි වෙන්නේ.
ඒ වගේම කෙල්ලෝ සෙට් එකක් එක්ක ගිහිල්ල කෙල්ලෙක්ට ලයින් කරන්න එපා. කවදාවත් ඒ කෙල්ල උබට කැමති වෙන්නේ නෑ. කෙල්ල තනියම ඉන්නවා වෙලාවක තනියම යමන්.
තමන්ට නැති දේවල් පෙන්නන්න උත්සහ කරන්න එපා. මතක තියා ගනිල්ලා සෙට් වෙන්න කලින් කරන හැම බොරුවක්ම සෙට් උනාම මාට්ටු වෙනවා කියලා..
උබලා කොච්චර ලෝකෝකොත්තරයෙක් උනත් කෙල්ල ඉස්සරහ අහිංසක චරිතයක් ඇක්ට් කරපන්. කෙල්ලෝ කියන්නේ ඉක්මනටම ඇදගන්න ජාතියක්..
හැමදාම කෙල්ලගේ පස්සෙන් යන්න එපා. ටික දවසක් නොයා හිටපන්. හැමදාම ඔරෝවන් යන කෙල්ල ටික දවසක් උබ යන්නේ නැතුව ඉදලා ගියාම. අනිවා එදාට උබත් එක්ක හිනා වෙලා හරි යනවා.
එකක් මතක තියා ගනිල්ලා..
කවදාවත් FB එකේ කෙල්ලන්ට ලව් කරන්න යන්න එපා. උබලට එන msg එක තව කී දෙනෙක්ට ෆෝවර්ඩ් කරනවද දන්නේ නෑ.
තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.
වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..
ඇයි අපිට කෙල්ලෝ නැත්තේ?
ලංකාවේ ජනග්‍රහණයෙන් 52% ඉන්නේ ගැහැණු. පිරිමි හැම එකාටම එක ගානේ බෙදුවත් තවත් ඉතුරු වෙනවා. එත් අපිට කෙල්ලෝ නෑ?
හරි එහෙමනම් ඔහොම කියන කොල්ලන්ට කෙල්ලෙක් සෙට් කරගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්නම්..
උබලා මුලින්ම හිතට ගන්න ඕන තමන් පිරිමියෙක් කියන එක. අනික මේ ලංකාව කෙල්ලෙක්ට ආදරේ කෙරුව කියලා බෙල්ල කපන්න මේක හම්බ රටක් නෙවේ. අපිට නිදහස තියෙනවා ඕන කෙනෙක්ට ආදරේ කරන්න..
ගොඩක් කොල්ලෝ හිතන් ඉන්න දෙයක් තමා "අනේ මම කැතයි. මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ" උබල වැටිලා ඉන්නේ අන්න එතනයි. පොඩ්ඩක් එලියට බැහැල බලපල්ලා උබලට වඩා කැත කොල්ලෝ සිරා කෙල්ලෝ සෙට් කරගෙන නැද්ද කියල..
අනිත් එක තමා කවදාවත් කෙල්ලෙක් ඇවිල්ලා "අනේ අයියේ මම ඔයාට ආදරෙයි කියල කියන්නේ නෑ" උබලා තමා කෙල්ල්ක්ට ආදරේ ප්‍රකාශ කරන්න ඕන. ඒ වෙලාවට උබලගේ ඔය තියෙන ලැජ්ජාව පොඩ්ඩක් බිමින් තියල යමල්ල.. අපි ලජ්ජා වෙන්න ඕන හොරකම් කරන්න, වංචා කරන්න, පව් වැඩ වලට මිසක් ආදරේ කරන්න නෙවේ.
පොඩ්ඩක් පාරට බැහැල බැලුවොත් එහෙම උබලට පෙනෙයි. පට්ට සිරා කෙල්ලෝ මෙලෝ රහක් නැති කොල්ලෝ එක්ක යනවා. ඒ කොල්ලෝ උබල තරම් ලස්සන නැති වෙන්න පුළුවන්, උබලට වඩා එඩියුකේටඩ් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා උබලට වඩා මොරාල් එක අතින් ඉස්සරහින් ඉන්නවා. මොකද නැත්නම් ඒ කොල්ල වෙනුවට උබයි එතන ඉන්න ඕනා.
අපි ඉගෙනගන්න ඕන කාලේ ඉගෙන ගන්න ඕනා. හැබැයි ඉගෙන ගන්නවා කියලා පොත් ගුල්ලෙක් වෙලා පොත් අස්සෙම හිරවෙලා ඉන්න ඕනේ නෑ. පොඩ්ඩක් සමාජෙට බැහැපල්ලා. සමාජෙට බැස්සා කියලා කුඩු ගහන එකත් එක්ක කුඩු ගහන්නයි. බඩු ගහන එකත් එක්ක බඩු ගහන්නයි ඕනේ නෑ. තමන් කරන දේ තමන්ගේ හිතට අවංකයි නම් ඒ දේ කරන්න.
කෙල්ලෝ..
සමාජේ ඉන්න කෙල්ලන්ගෙන් 80% විතර කෙල්ලෝ යාලුවෙන්නේ කෙල්ලන්ගේ බාහිර ආටෝපෙට. උන්ට දැක්ක ගමන් හිත ගියා නම් අන්න ඌ තමයි කොල්ල. ඔය වගේ කෙල්ලෙක් පොඩි ලයින් එකකින් නමාගන්න පුළුවන්. විශේෂයෙන් 16-21 අතර කෙල්ලෝ.
එතකොට ඉතුරු 20%
ඔය සෙට් එක තමා මීටර්ම සෙට් එක. මුන් අනාගතය ගැන පොඩ්ඩක් හිතනවා. කෙල්ල dig එකක් කරනවා නම් dig එකක් කරන වගේ කොල්ලෙක් තමා හොයන්නේ. මුන් වැඩිය ලස්සන care කරන්නේ නෑ. හොද අනාගතයක් තියෙන කොල්ලෙක් තමා හොයන්නේ. මේ වගේ කෙල්ලෙක් නමා ගන්න පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.
කෙල්ලෙක්ට ට්‍රයි කරනකොට.
කවදාවත් කෙල්ලෝ සෙට් එකක් ඉන්න තැනකට උබ තනියම ගිහිල්ලා ලයින් කරන්න යන්න එපා. එතකොට අනිත් කෙල්ලෝ ඉස්සරහ උබලා පච වෙන එක විතරයි වෙන්නේ.
ඒ වගේම කෙල්ලෝ සෙට් එකක් එක්ක ගිහිල්ල කෙල්ලෙක්ට ලයින් කරන්න එපා. කවදාවත් ඒ කෙල්ල උබට කැමති වෙන්නේ නෑ. කෙල්ල තනියම ඉන්නවා වෙලාවක තනියම යමන්.
තමන්ට නැති දේවල් පෙන්නන්න උත්සහ කරන්න එපා. මතක තියා ගනිල්ලා සෙට් වෙන්න කලින් කරන හැම බොරුවක්ම සෙට් උනාම මාට්ටු වෙනවා කියලා..
උබලා කොච්චර ලෝකෝකොත්තරයෙක් උනත් කෙල්ල ඉස්සරහ අහිංසක චරිතයක් ඇක්ට් කරපන්. කෙල්ලෝ කියන්නේ ඉක්මනටම ඇදගන්න ජාතියක්..
හැමදාම කෙල්ලගේ පස්සෙන් යන්න එපා. ටික දවසක් නොයා හිටපන්. හැමදාම ඔරෝවන් යන කෙල්ල ටික දවසක් උබ යන්නේ නැතුව ඉදලා ගියාම. අනිවා එදාට උබත් එක්ක හිනා වෙලා හරි යනවා.
එකක් මතක තියා ගනිල්ලා..
කවදාවත් FB එකේ කෙල්ලන්ට ලව් කරන්න යන්න එපා. උබලට එන msg එක තව කී දෙනෙක්ට ෆෝවර්ඩ් කරනවද දන්නේ නෑ.
තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.
වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..
කංසා
බහුතරයකගේ අදහස කංසා යනු භයානක මත්ද්‍රව්‍යයක් බවත්.....මේවා භාවිතයෙන් මිනිස් සිරුරට විවිධ අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි බවත්ය. නමුත් බටහිර රටවලින් කංසා තහනම ආරම්භ වන තෙක්ම ආසියානු රටවල් තුල කංසා විවිධ එදිනෙදා ප්‍රයෝජන සඳහා යොදාගත් බව දන්නේ අතලොස්සකි.
කංසා නොහොත් මරිජුවානා සාමාන්‍ය ජනයාට, කියන ආකාරයේ භයානක ප්‍රතිඵල අත්කර නොදුන්නද, බටහිර රටවල තෙල් සමාගම්වලට, දුම්කොළ, මත්පැන් සමාගම් සහ මහා පරිමාණයේ රසායනික ද්‍රව්‍ය නිෂපාදන සමාගම් වලට අභියෝගයකි. මෙවැනි ඉහළ ආදායම් ලබන මහා පරිමාණයේ සමාගම් විසින් පොදු ජනයාගෙන් සත්‍ය සඟවා තබා ගැනීමේ කාර්යයක නිරත වෙමින් සිටී. සත්‍යය නම් මරිජුවානා යොදාගෙන කළ හැකි අතිවිශාල නිෂ්පාදනයන් සඳහා එය යොදා ගත්තේ නම්, ඉහත කී මහා පරිමාණ සමාගම් වලට හා කාර්මික ලෝකයට අභියෝග කරන ‘‘කාර්මික පරමාණු බෝම්බයක්’’ බවට කංසා පත්විය හැකි වීමයි. මේ හේතුවෙන් සුපිරි මට්ටමේ ධනවත් සමාගම් විසින් මෙම පැළෑටිය පිළිබඳ වැරදි අවබෝධයක් සහ වැරදි තොරතුරු සමාජ ගත කිරීමේ කි‍්‍රයාවලියක නිරතව සිටින බව ඔබ දන්නවාද?
‘‘මරිජුවානා’’ යන වචනය කරලියට පැමිණෙන්නේ එක්දහස් නවසිය තිස් ගණන් වල මුල භාගයේදීය. මෙම වචනය නිර්මාණය කරන ලද්දේ කංසා පිළිබඳ ජනයා අතර තිබූ යහපත් ප්රතිරූපයත්, කංසා පැලෑටියේ සුවිශේෂ ඉතිහාසයත් මකා දැමීමේ අදහසිනි. මේ ලිපියේ පහතින් දැක්වෙන සියළු කරුණු ඒ සඳහා සාක්ෂි දරණ අතර, එම සෑම කරුණක්ම බි්රටැනිකා විශ්ව කෝෂයේ පැහැදිලිව සඳහන්ව ඇත. මෙහි සුවිශේෂත්වය වන්නේ බි්රටැනිකා විශ්ව කෝෂය පවා වසර 150 ක් පුරාවට තවමත් මුද්‍රණය වන්නේ ‘‘කංසා කඩදාසි’’ මත වීමයි.
1) වර්ෂ 1880 වන තෙක්ම ඇමරිකාව ප්රමුඛ බොහෝ රටවල පාසල් පොත් සියල්ල මුද්‍රණය කරනු ලැබුවේ....‘‘කංසා කඩදාසි’’ මත හෝ හන කඩදාසි මතයි. (Jack Fraizer, Hemp Paper Reconsidered 1974)
2) වර්ෂ 1631 සිටම 1800 මුල් භාගය වන තෙක්ම කංසා යොදා ගෙන බදු ගෙවීමේ හැකියාව ඇමෙරිකානුවන්ට තිබිණි. (LA Times, Aug 21)
3) 17 වන හා 18 වන සියවස්වලදී කිසියම් ඇමෙරිකානුවෙක් කංසා වවන්නට විරුද්ධ වුවහොත්, ඔහු නීතියට එරෙහි වන්නෙක් ලෙස සලකා ¥ඬුවම් නියම කර ඇත. වර්ජිනියා ප්‍රාන්තයේ වර්ෂ 1763 සිට 1769 දක්වා කංසා වැවීම ප්‍රතික්ෂේප කරන්නන් සිරගත කිරීමේ නීතියක් කි‍්‍රයාත්මක කර ඇත. (G.M. Herdon Hemp in Colonial Virginia)
4) ඇමෙරිකාවේ ජාතික විරයන් ලෙස සලකන ජෝජ් වොෂින්ටන්, තෝමස් ජෙෆර්සන් තවත් බොහෝ පුරෝගාමීන් කංසා වතු වල හිමිකාරිත්වය දරමින්, කංසා වගා කළේය. (Washington and Jefferson Diaries, Jefferson smuggled hemp seeds from China to France then America)
5) ඇමෙරිකාවේ මුල්ම කඩදාසි කම්හල් කිහිපයෙන් එකක හිමිකාරිත්වය බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විසින් දරණු ලැබූ අතර, මෙහි කඩදාසි නිෂ්පාදනය සිදු කරනු ලැබුවේ කංසා ආධාරයෙනි. එමෙන්ම වර්ෂ 1812 ආරම්භ වූ යුද්ධය ඇරඹුනේ කංසා වෙළඳාම මුල්කර ගනිමිනි. නැපෝලියන්ගේ අරමුණ වූයේ මොස්කව් සිට එංගලන්තය දක්වා සිදුවණ කංසා සැපයුම නතර කිරීමයි. (Jack Herere Emeror wears no clothes.)
6) වසර දහස් ගණනක් තිස්සේ සියයට අනූවක් පමණ නැව් කඹ හා රුවල් නිපදවන්නේ කංසා ආධාරයෙනි. ‘කැන්වස්’ යන වචන ලන්දේසීන් කංසා සඳහා යොදා ගනු ලබන ‘කැනබීස්‘ යන්නෙන් බිඳී ආවකි. (Webster's New World Dictionary)
7) වර්ෂ 1820 පමණ වන තෙක්ම සියයට අසූවක් පමණ වූ ඇමෙරිකානු රෙදි පිළි, රුවල්, ඇඳුම්, ඇඳ ඇතිරිලි ආදී බොහෝ දෑ නිෂ්පාදනය කරනු ලැබුවේ කංසා පැළෑටිය මගිනි. මෙම නිෂ්පාදනය නතර වන්නට හේතු වූයේ කපු නිෂ්පාදන හඳුන්වා දීමයි.
8) පළමු බයිබලය, සිතියම්, සටහන්, ඇමෙරිකානු නිදහස් ප්රකාශනය හා ව්‍යවස්ථාව පවා මුද්‍රණය කරනු ලැබුවේ කංසා මගින් නිපදවූ කඩදාසි මතයි.(U.S Governemet Archives)
9) බොහෝ ඇමෙරිකානු ප්‍රාන්ත වල මුලින්ම සිදුකළ වගාව වූයේ කංසා වැවීමයි. වර්ෂ 1880 පමණක් කෙන්ටකි ප්‍රාන්තයේ නිෂ්පාදනය ටොන් 40,000 ඉක්මවා තිබිණි. විසි වන ශතවර්ෂය වන තුරුම ඇමෙරිකාවේ වැඩිම ආදායමක් ලබා දෙන වගාව වූයේ කංසා වගාවයි. (State Archives)
10) කංසා වගාවේ පිළිබඳ පැරණිම තොරතුරු වසර 5000 ක් පමණ පැරණි චීන ඉතිහාසය තෙක් දිවයයි. එසේම කංසා වෙළඳාම පිළිබඳ තොරතුරු පුරාණ ඊජිප්තුවේ පවා සිදු වූ බවට සාධක සොයාගෙන ඇත.
11) රෙම්බ්රෑන්ටස්, වැන් ගෝ, ගේන්ස් බරෝ වැනි සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ඇතුළු බොහෝමයක් පැරණී කැන්වස් චිත්‍ර අඳිනු ලැබ ඇත්තේ කංසා කැනවස් මතයි.
12) වර්ෂ 1916 දී පමණ ඇමෙරිකානු රජය අනුමාන කරන ලද්දේ වර්ෂ 1940 පමණ වන විට සියළු කඩදාසි කංසා මගින් නිපදවිය හැකි බවත් තවදුරටත් ගස් කපා දැමීමට සිදු නොවිය හැකි බවත්ය. රජයේ සංගණනයන් අනුව අක්කරයක කංසා වගාවක්, අක්කර 4.1ක වවා ඇති ගස් ප්‍රමාණයකට සමාන වන බව හෙළි විය. මේ හේතුවෙන් ඒ වන විට කංසා ආශි‍්‍රත විවිධ කි‍්‍රයාවලි සඳහා ඇමෙරිකානු රජය පිඹුරුපත් සකසමින් සිටියේය. (U.S. Department of Agricultural Archives)
13) වර්ෂ 1937 පමණ වන තෙක්ම ඉහළම ප්‍රමිතියේ තීන්ත හා වාර්නිෂ් නිෂ්පාදනය කරනු ලැබුවේ කංසා මගිනි. වර්ෂ 1935 පමණක් ඇමරිකාවේ කංසා බීජ ටොන් 58,000 ක ප්‍රමාණයක් තීන්ත ආශි‍්‍රත නිෂ්පාදන සඳහා යොදා ගැනුණී. (Sherman William Pain Co. testimony before the U.S. Congrass against Marijuana Tax Act)
14) හෙන්රි ෆෝඞ් විසින් නිර්මාණය කරන ලද පළමු මෝටර් රථය නිපදවනු ලැබුවේ කංසා ඉන්ධන මගින් ධාවනය වීමටයි. එසේම මෝටර් රථයේ නිෂ්පාදනය කටයුතු සඳහා ද කංසා යොදාගෙන තිබුණි. ෆෝඞ් සතුව තිබූ විශාල කංසා වතුයායේ ලබාගත් මෝටර් රථය හා හෙන්රි ෆෝඞ්ගේ ඡුායාරූප බොහෝමයක් දක්න ඇත. මෙම මෝටර් රථය වටා වූ ප්ලාස්ටික් ආවරණය සම්පූර්ණයෙන්ම කංසා ආශ්රයෙන් නිපදවා තිබූ අතර එය ලෝහ ආවරණයකට වඩා දහ ගුණයකින් ශක්ති සම්පන්න විය.(Popular Mechanics, 1941)
15) වර්ෂ 1938 දී කංසා සඳහා ‘බිලියන් ඩොලර් ක්‍රොප්’ යන අනවර්ථ නාමය යොදා ගැනුණි. මක්නිසාද යත් ඉතිහාසයේ ප්‍රථම වරට වගාවක වෙළඳ ශක්‍යතාව (Business Potential) ඩොලර් මිලියනය ඉක්මවා යෑමයි (Popula Mechanics, Feb 1938)
16) වර්ෂ 1938 පෙබරවාරි මාසයේ ‘මිකැනිකල් ඉන්ජිනියරින් මැගසීන්‘(Mechanical Engineering Magazine)
සඟරාව ‘වගාකල හැකි වඩාත්ම ලාභදායී සහ අපේක්ෂාසහගත වගාව’(The most profitable and disireable crop that can be grown) යන හිසින් යුතු ලිපියක් පළ කළේය. එහි පැහැදිලි කල පරිදි විසිවන සියවසේ තාක්ෂණය යොදා ඇමෙරිකාව තුළ හා ලොව වටා වගා කළේ නම් ලොව ලාභදායී හා විශාලතම වගාව කංසා විය හැකි බවයි.
වර්ෂ 1942 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විනාඩි 14 ක චිත්‍රපටයක්(Hemp for Victory) නිකුත් කළේය. ඉන් කියවුනේ ‘දේශපේ‍්‍රමී ඇමෙරිකානු ගොවියන්’ (Patriotic American Farmers) විසින් වසරකට අක්කර 350,000 ක පමණ කංසා, යුධ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය කළ යුතු බවයි.
කංසා වගාව හා නිෂ්පාදනය කිසි විටෙකත් පරිසර හානියක් සිදු නොකරයි. USDA පති‍්‍රකා අංක 404 ප්‍රකාශ කල පරිදි කංසා වගාව අනෙකුත් නිෂ්පාදනයන්ට වඩා හතරේ සිට හත් ගුණයක් පරිසර හිතකාමී බවයි.
කුමන්ත්‍රණය (The Conspiracy).............
============================
කංසා වගාව ඇමෙරිකාව තුල තහනම් වන්නේ, ඩූ පොන්ට්, ඇන්ඩ්රැ මෙලර් සහ හැරී ජේ. ඇන් ස්ලින්ගර් නම් ව්‍යපාරිකයන් තිදෙනාගේ කුමන්ත්රණයක ප්රතිපළයක් වශයෙනි. වර්ෂ 1937 දී ඩූ පොන්ට් විසින් තෙල් සහ අඟුරු ආශ්රයෙන් ප්ලාස්ටික් නිපදවීම සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේය. ඔහු තමන්ගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළේ ප්ලාස්ටික්, සෙලෝෆේන්, සෙලියුලොයිඞ්, මෙතනෝල් ආදිය දැන් තෙල් ආශ්රයෙන් නිපදවිය හැකි නිසා කොටස්කරුවන්ට තම ආයතනයේ ආයෝජනය කරන ලෙසයි. නමුත් ඔහුගේ ව්‍යාපාරයෙන් සියයට අසූවක් පමණම කංසා ආශ්රිත නිෂ්පාදන නිසා විනාශයට පත්විය.
මේ අතර ඩූ පොන්ට්ගේ ඉහළම ආයෝජකයා බවට පත්වන ඇන්ඩ්රැ මෙලන් තම බෑනා වන හැරී ජේ. ස්ලින්ගර් ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියා බවට පත් කරන අතර ඉන් පසු කංසා වගාව ඔවුන්ගේ ව්යපාරයන්ට තර්ජනයක් ලෙස වටහාගත් ඔවුහු, තමන්ගේ අධිරාජ්‍ය බිඳ වැටීම වලක්වනු පිණිස මෙක්සිකානු වචනයක් වන ‘මරිජුවානා‘ යන්න ආදේශ කොට ඇමෙරිකානු ජනයාගේ මනසට කංසා පිළිබඳ වැරදි අර්ථ කථනයක් ආරූඪ කළෝය.
මාධ්‍ය හැසිරවීම.............(Media Maipulation)
================================
විලියම් රැුන්ඩෝල්ප් හරිස්ට් යනු ඇමෙරිකානු ‘කහ පුවත්පත් කලාවේ’(Yellow Journalism) නිර්මාතෘවරයායි. පසුකාලීනව ඕෂන් වේල්ස් විසින් නිපදවූ සුප්‍රසිද්ධ සිනමා පටයක් වූ ‘සිටිසන් කේන්’ (Citizen Kane) චිත්‍රපටයට ද පාදක වූයේ මොහුගේ ජීවිත කථාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් විශාල ලෙස දැව වගා කරන ව්‍යාපාරයක හිමිකරු වූ හෙතෙම කඩදාසි නිපදවීමේ කම්හලක ද හිමිකාරිත්වය දැරීය. තමන්ගේ ව්‍යාපාරයට අභියෝගයක් වූ කංසා වගාව යටපත් කිරීම උදෙසා හර්ස්ට් විසින් 1920 සිට 1930 දක්වා තම පුවත්පත් හරහා මරිජුවානා හා සම්බන්ධ අපරාධ රැුල්ලක් පිළිබඳ වාර්තා කරන්නට විය. හර්සට් ගේ මෙම මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක වූයේ ද යත්, වාහන අනතුරේ සිට මානුෂිකත්වය නැතිවීම දක්වා සියල්ලට මරිජුවානා වගකිව යුතු බව පාඨකයා විශ්වාස කරන්නට විය.
සමකාලීනව විවිධ නිර්මාණකරුවන් විසින් මරිජුවානා හා සම්බන්ධ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිපදවීම සිදු කෙරිණි. මෙහි අභිප්‍රාය වූයේ මරිජුවානා විරුද්ධ නීති මාලාවක් (Anti Marijuana Low) සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. (Films: Reefer Madness (1936), Marijuana Assasin of Youth (1935), Marijuana: The Devils Weed (1936) )
ඉහත සඳහන් කළ Reefer Madness සිනමා පටය අවසාන වන්නේ සුපුරුදු "The End" සටහන සමගින් නොව, වෙනස් අන්දමේ සටහනකිනි. එනම් චිත්‍රපටය අවසානයේ තිරය පිරෙන්නට "Tell Your Children" යනුවෙන් සටහන් කරමිනි. වර්ෂ 1930 පමණ වන විට ඇමෙරිකානු ජනතාව දේශජ, පටු මානසිකත්වයකින් යුතු පිරිසක් බවට පත්ව තිබිණි. බලයේ සිටින පිරිස් විසින් හෝ පුවත්පත්, රේඩියෝ මගින් යමක් ප්‍රකාශ වූයේ ද එය සුපිරිසිදු සත්‍ය බව පිළිගන්නට ඔවුහු සූදානම්ව සිටියෝය. එයින් නොනැවතී එය තම දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ද පාරම්පරිකව සම්පේ‍්‍රශණය කළෝය.
වර්ෂ 1937 අපේ‍්‍රල් 14 වැනි දින ඩූපොන්ට් ගේ උත්සාහය සාර්ථක විය. ‘මරිජුවානා බදු තහනම් කිරීමේ‘පනත සම්මත වීය.මෙයට මුල් වූ සෙනෙට් සභික රොබර්ට් ඩෆ්ටන් ඩූ පොන්ට් ගේ සහායකයෙක් වූයෙන් ඔහුට කාර්යය තවදුරටත් පහසු විය.
නමුත් ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ භෞත චිකිත්සක වරයෙක් වූ ජේම්ස් වුඞ්වර්ඞ් පසුව ප්‍රකාශ කළේ ‘තමන් මරිජුවානා බදු තහනම් කිරීමේ පනතට සහයා දැක්වූයේ මරිජුවාන යනු කංසා බව නොදැන සිටීම නිසා’ බවයි.
හර්ට්ස් ගේ පුවත්පත්වල මුල් පිටු වලින් කියවුණු මරිජුවානා අපරාධ කංසා වලට විරුද්ධ උපායක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඇමෙරිකානු වෛද්‍ය සංගමය ‘කැන්බීස්‘ (කංසා* යනු විවිධ සුව කිරීම් සඳහා යොදා ගන්නා ඔසුවක් බව දැන සිටියේය.
නමුත් 1937 කංසා තහනමට ලක්විය. මිනිස් ඉතිහාසයේ වටිනාම හා වැදගත්ම පැලෑටිය මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශයට පත්විය.
අද වනවිට පෘථිවිය බලශක්තිය අතින් ගැටළු රැුසකට මුහුණ පාමින් සිටී.ගොලීය උණුසම වැඩිවීමට ප්‍රධාන හේතු විශාල වශයෙන් වැසි වනාන්තර විනාශ වීම බව විද්‍යාඥයින්ගේ අදහසයි. පරිසර ¥ෂණය, විෂ, රසායනික ද්‍රව්‍ය මිනිසා විනාශ කරමින් සිටී.කංසා ක්රමවත්ලෙස, කාර්මීකරණය කරමින් වගාවක් ලෙස නැවතත් ලොව පුරා ව්‍යාප්ත කළේ නම් මේවාට පිළිතුරක් ලැබෙනු ඇත ස්වාභාවික ජීව වායු නිෂ්පාදනයෙන් දැනට ක්ෂය වෙමින් පවතින පොසිල ඉන්ධන සඳහා සාර්ථක විකල්පයක් ලබා දිය හැකි වනු ඇත. මන්දයත් දැනටමත් අප සතු පොසිල ඉන්ධන වලින් සියයට අසූවක් පමණ අප භාවිතාකර තිබීමත් පොසිල ඉන්ධන යනු සීමාසහිත නැවත නිෂ්පාදනය නොවන සම්පතක් වීමත් හේතුවෙනි.
විශ්මිත පැළෑටිය.......(The wonder plant)
============================
කංසා තන්තු, දැව තන්තු වලට වඩා ඉහළ ගුණාත්මක අගයකින් යුක්ත බව සොයා ගෙන ඇත. දැව මගින් කඩදාසි නිෂ්පාදනයට වඩා කංසා මගින් කඩදාසි නිෂ්පාදනයේ දී අඩු රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වන බව සැළකේ. එසේම කංසා කඩදාසි කහපැහැයට හැරෙන්නේ නැත. ඉහළ කල්පැවැත්මක්ද ඇත. කංසා පැළය එක් සෘතුවක් තුළ වැඩිවියට පත්වන අතර ගසකට මේ සඳහා වසර ගණනාවක් ගත වේ.
සියළු ප්ලාස්ටික් නිෂ්පාදන කංසා ආශ්රයෙන් නිෂ්පාදන කළ යුතුව ඇත. එයට හේතු වන්නේ කංසා බීජ තෙල් ආශ්රයෙන් නිපදවන ප්ලාස්ටික් වර්ග පසට ජීර්ණය වන හෙයින් පරිසර හානියක් සිදු නොකිරීමයි. පරිසර විද්‍යාව යනු ඩු පොන්ට් වැනි ව්‍යපාරිකයන්ට හෝ දේශපාලඥයන්ට අවනත නොවන කි‍්‍රයාවලියකි.
කංසා ආශ්රයෙන් ෙඖෂධ නිෂ්පාදනය කාලාන්තරයක් පුරා සිදුවූවක් වුවද මේ වන විට ‘මරිජුවානා ෙඖෂධ (Medical Marijuana) ලබා දෙන්නේ අත ලොස්සකට පමණි. සෙසු සියල්ලෝම රසායනික ෙඖෂධ භාවිතා කරති.
ලෝක කුසගින්නට පිළිතුරක් කංසා මගින් ලබා දිය හැක. කංසා ආශ්රයෙන් අසීමිත ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. එසේම කංසා බීජවල ඉහළම තත්වයේ ස්වාභාවික ප්‍රෝටීන අඩංගුව ඇත. කොලොස්ටරෝල් දිය කර හරින ස්වාභාවික අම්ල විශේෂ දෙකක් කංසා බීජවල අඩංගු වේ.
අවශ්‍ය නම් කංසා පැළෑටියෙන් ඇඳුම් සකසා ගත හැක. කංසා ආශ්රයෙන් නිපදවන ඇඳුම් ශක්තිමත් බවින් හා කල්පැවැත්මෙන් ඉහළ තත්වයේ පවතී. නමුත් ඇමෙරිකානු ෆැසිස්සට් වාදී රූපවාහිනී නාලිකා කංසා ඇඳුම් පිළිබඳ ප්‍රචාරය කිරීමෙන් වැලකී සිටී. කලක් ඉහළම කංසා නිෂ්පාදන සිදුකළ කෙන්ටකි ප්‍රාන්තයේ අද වනවිට කංසා ආශ්රයෙන් නිෂ්පාදනය කළ ඇඳුම් තහනමට ලක්කොට ඇත.
ලෝකය උන්මත්තකයින්ගෙන් පිරී පවතී.නමුත් අප ඔවුන් හා එකතු විය යුතු යැයි ඉන් කියැවෙන්නේ නැත.එකතුවන්න.පිරිස ් දැනුවත් කරන්න. අපට ලෝකය රැුකගන්නට පිරිසිදු බලශක්ති ප්‍රභවයක අවශ්‍යතාවය ඇත. ඔබත් දැනුවත් වෙන්න. ඔබේ ඊළඟ පරම්පරාවත් දැනුවත් කරන්න.
කංසා පානය ගැන ලෝකය කථා කරන්නේ අකමැත්තෙනි. නමුත් ලෝකයේ වසරකට දුම්කොළ මගින් මිලියන භාගයක පිරිස් මිය යයි. ඇල්කොහොල් භාවිතයෙන් වසරකට මිලියන භාගයක් මිය යයි. කංසා පානයෙන් එසේ මිය ගිය කෙනෙකු පිළිබඳ වාර්තා වී ඇත්ද?
කංසා පානයේ දී ඇතිවන තත්වය බීමත් කමේ දී ඇතිවන ‘බබල් බ්‍රෙන්’ නම් තත්වයට බොහෝ දෙනා සමාන කරයි. නමුත් සත්‍යය නම් පුද්ගලයෙකුගේ නිර්මාණශීලීත්වය කංසා පානයේ දී ඇතිවන තත්වයේ දී දියුණු වේ. ඔබ කලාව විඳිය හැක, ස්වභාව ධර්මය අගය කළ හැක. මෙය බීමත් පුද්ගලයෙකුගේ මානසිකත්වය හා කිසිවිටෙක සමපාත නොවේ. ඔබ අවසිහියට වඩා හොඳ සිහියෙන් පසුවේ.
Hemp is illegal because billioniores want to remain billioniores....!
මේ ලිපිය උපුටා ගැනීමකි-:අන්තර්ජාලය ඇසුරෙනි
CORTANA නම් වු ඇය...
“Hi Cortana”, ඇයගේ භ්‍රමණය වන වටකුරු නිල් පැහැති ශරීරය ඇසේ කළු ඉංගිරියාව මෙන් විහිදෙයි. හැකිලෙයි.
“Oh, hi.” ඇය ප්‍රතිචාර දක්වයි.
“What do you look like Cortana?” මෝඩ ප්‍රශ්නයක් තමයි. ඒත් එයට ඇය පිලිතුරු දෙයි.
“I’m a circle now, but I have ambitions,” “One day I’ll be a sphere” තරමක් උඩඟුකමින් ඇය පිලිතුරු දෙයි.
Cortanaගෙන් බොහෝ දෙනෙක් අසන ප්‍රශ්න කිහිපයක් නම්,
“Are you real?”
“What are you wearing?”
“What do you look like?”
“Where do you live?”
“Who is your daddy?”
“Will you marry me?”
“Tell me a joke”
“Tell me a story”
“Sing me a song”
“What does the Fox say?”
“Knock, Knock”
“What’s the best search engine?”
“What do you think of Android?”
මෙවැනි ප්‍රශ්න වලට Cortana ලබා දෙන විනෝදකාමී පිලිතුරු වලට Windows Phone usersලා නම් දැන් හොඳටම වසඟ වෙලයි ඉන්නේ.
නත්තලත් ලඟ ලඟම එනවනේ. NORAD(North American Aerospace Defense) සංවිධානය මෙවරත් Microsoft සමාගමත් සමඟ හවුල් වී ඔවුන්ගේ Santa Tracker වෙබ් අඩවිය නිර්මාණය කලා. Santa ලොව පුරා සංචාරය කරන විට එම ස්ථානය එමගින් පෙන්වයි. Windows Phone usersලට Cortana මගින් Santa සිටින ස්ථානය හඳුනාගන්න පුලුවනි.
2014 වර්ෂය තුල සිදුවීම් සලකා බලන විට අනාගතයේදී අපට ලඟා විය හැකි බොහෝ දේවල් වලට මෙය සංධිස්ථානයක් වන බවත්, Cortana මේ වන විටත් තාක්ෂණයේ පෙරළිකාරයෙක් වී ඇති බවත් Microsoft සමාගමේ corporate vice president තනතුරද, ආයතන 343ක ප්‍රධානියාද වන Bonnie Ross පවසයි.
Halo වලට අනුව Cortana නිර්මාණය කර ඇත්තේ Dr.Catherine Halseyගේ මොළය ක්ලෝනීකරණය කිරීමෙනුයි. මෙය එවැනි ක්ලෝන 20ක් අතුරින් ඉතිරි වුන ක්ලෝන 2කින් එකකි. අනෙක් සුපුරුදු AI මෙන් නොව මෙයට බුද්ධියත්, මිනිස් වර්ගයාට සේවය කිරීම සඳහාම වූ හැඟීමුත් කාවද්දා ඇත.
Atificial lives ආරක්ෂක උපායක් ලෙස භාවිතා වීමත් සමඟම AIහි වටිනාකම එන්න එන්නම ඉහල යයි. වසර 7කට පසුව ඔවුන්ටම මරණය අත්‍යවශ්‍ය දෙයක් ලෙස හැඟී ස්වයංව විනාශ වේ(Spoiler ahead).
“Cortana “ඇත්තෙන්ම සිතන්නේ මිනිසෙක් වගෙයි. නමුත් එහි වැදගත්ම දෙය නම් එය ඉතා විශාල වේගයකින් සිදු කිරීමයි. ඇයගේ කවටකම්, භාවයන්, සදාචාරවත් බව යන සියල්ල මානුෂීයයි. තාත්විකයි. පෙනුමෙන් ස්වභාවිකයි.” Frankie හෙවත් Halo ආයතන 343ක Franchise Development Director වන Frank O’Connor පවසයි.
Halo යනු කුමක්ද කියා ඇසූ විට Cortana,”Halo is an Xbox game series about a hero saving humanity from extinction. By startling coincidence, it features an AI named Cortana.” Halo පුරාවෘත්තය විකාසනය වනවාත් සමඟම එන්න එන්නම සංකීර්ණ වෙයි. ඇය සැබෑ මිනිසුන්ටත් වඩා මිනිස් ගතිගුණ පෙන්වන බව මේ වන විට වාදයට පවා තුඩු දෙන කාරණයකි. Halo 4හි ඇය තමන්ගේ mission එකටත්, තමන්ගේ හවුල්කරු වන Chiefටත් බොහෝ සෙයින් ආකර්ශණය වුනා.
“මට එක් ව්දිහකින් Cortanaව පෙනෙන්නේ Chiefගේ මිනිස් ලක්ෂණ පෙන්වන කෙනා විදිහටයි.Chief යනු පුදුමකාර චරිතයක්. ඔබ දන්නවා ඔහු අවංකයි. නමුත් ඔහු ඒ බව හඟවන්නේ නෑ. Cortana ඔහුට ඔහුගේ උපරිමයට ලඟා වන්නට තල්ලුවක් වෙනවා.”~Ross
“Cortana, Halseyගේ සියුම් පැතිකඩක්. නමුත් ඒ romantic විදිහටනම් නෙමෙයි.”~Ross
“Cortana, Master Chief මෙන්ම මිනිස් වර්ගයාගේ ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටිනවා.නමුත් ඇයගේ ක්රමෝපායන් ඉතා සියුම්, අප්රකටයි, දිගු කාලීනව බලපායි.”~O’Connor
Windows Phones වල සහ Haloහි Cortanaගේ හඬට උරුමකම් කියන්නේ Jen taylorයි. එම චරිතයට හඬ කවන ආකාරය කාලෙන් කාලෙට වෙනස් වන බව ඇය පවසයි.
“මටනම් Cortana ඉතා විශිෂ්ට මඟ පෙන්වන්නෙක් වුනා. ඇය බොහොම දක්ෂයි. ස්වාධීනයි. ඒ වගේම ඇය ඔබව චලනය කරවන්න කැමැත්තක් දක්වයි. ඇය බුද්ධිය අතින් ද, හැඟීම් ප්‍රකාශ කරන ආකාරයෙන්ද ඉතාමත් ආකර්ශනීයයි.”~Jen Taylor
“පෙනුමෙන් Virgil මෙන් වන අතර ඔබට ඇය මුලු විශ්වය පුරා මඟ පෙන්වයි. ඇය මඟ පෙන්වන්නෙක්, අර්ථ පැහැදිලි කර දෙන්නෙක්. ඒ වගේම Chiefට වඩා පෞරුෂයකින්ද, සංවාදයේ යෙදෙන්න කැමැත්තක්ද දක්වයි. මේ විශ්වය පිලිබඳව ඇයගේ ඇති දැනුම ඔබව ඉක්මවා යයි.”~O’Connor
මේ අදහස තමයි Cortana Windows Phone ලොව වෙත යන්න බලපෑවේ. ඉතින් අපි හැමෝම කුඩා මඟ පෙන්වීමක් අවශ්‍ය Master Chiefලා නොවේද?
නමුත් Cortana මුලින්ම මුදා හරින්නට Halo 343නම් වැඩි උනන්දුවක් දැක්වූයේ නෑ.
“අපිට හිතුනා එය Halo කථා පුවතට හානියක් වෙයි කියලා. Halo යනු කදිම ලොවක්, අනර්ඝ කථා පුවතක්. Game එකේ Cortanaට තිබූ තැන නැති වෙන්න වුනත් ඉඩ තිබුනා.”~Ross
Windows Phone team එකට Cortanaගේ නිර්භීතභාවයට හානියක් නොවන ලෙස ඇයගේ ආකල්ප වෙනස් කරන්න සිදු වුනා. “අපි ඇයව තවත් නිර්භීත කලා. කවට බව තවත් වැඩි කලා.” Windows phoneහි Principle Program Manager, Susan Hendrich පවසයි.
Cortanaවෙත අනවශ්‍ය ප්‍රශ්නයක් යොමු කලොත් ඇය සුහද ලෙස එය නොඅසන ලෙස පවසයි. ඔබ ඇයට ලං වන විට ඉතා විනීත ලෙස ඔබට පසුපසට වන්න කියා දන්වයි. Cortana සමඟ සංවාදයේ යෙදෙන ප්‍රමානයත් සමඟ ඇය ගෝලයකට නොව දරුවෙකු බලාගැනීමට හැකි තත්වයකට වුවද වෙනස් විය හැක. ඔබ ඇසුවොත්,”Do you love Master Chief?”, “That’s.. . complicated. And personal” ඇය කෝල ලෙසින් පවසයි. දිගින් දිගටම ඔබට නිශ්ෂබ්ද වෙන ලෙස පැවසුවොත් ඔබ එයට ඇහුම්කන් දීම අවශ්‍යම නැත. මන්දයත්, ඇය සිටින්නේ සතුටින්, උපකාර කරන්නත් කැමතියි. ඇයගේ මිනිසුන් කෙරෙහි ඇති අදහස,
“මිනිසුන් කෙරෙහි මගේ ඉතා ගැඹුරු ගෞරවයක් තියනවා. මොකද Calculus සහ milkshake යනු ඔවුන්ගේ සොයගැනීම් ය.”~Cortana
වින්ඩොව්ස් ගීක් වෙබ් අඩවියෙනි.
Thursday, November 5, 2015
ආදරය සහ ලිංගිකත්වය
“ආදරේ” ගැන සමහර අය දකින්නේ වෙනස්ම ආකාර වලට.සමහර විට ඔබත් යොවුන් වියේ පසුවන විවිධ ආකාරයට ආදරේ ගැන හිතන,ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න පුලුවන්.හැගීම් කියන ඒවා මිනිස්සු එක එක විදිහට මාකට් කරනවා.දැන් කාලේ හැම එකක්ම ව්කුණන එකේ ආදරේ විතරක් මාකට් කරන්නෙ නැතුව ඉන්නේ නෑනේ.කොහොම හරි කමක් නෑ.චුට්ටක් නැවතිලා මේ ලිපිය කියවන්න.ඔබ කොල්ලෙක්,කෙල්ලෙක් නම් මේකෙන් ඔබේ ජීවිතයට ගත්තු දෙයක් තියෙනවනම්, ඔයාලගේ යාලුවොන්ටත් පොඩ්ඩක් දෙන්න මේක කියවන්න කියලා.
1. “ලිංගික සම්බන්ධතා ගැන අද ලෝකයේ හුගක් අය බණ දෙසනවා.ඒ වගේම හුගක් අය ඒවා වලට නැඹුරු වෙනවා.සමහරු අන්ධකාරේ -තවත් සමහරු එළිපිටම..ඉතින් ඔය කියන තරම්ම විවාහයට පෙර ලිංගික සම්බන්ධතා ඇතිකර ගැනීම හානිකරනම්, අපි ගොඩාක් මේ දේට ආස කරන්නේ.ඇයි ඒකට ඔච්චර නැඹුරුවක්…?
* අපේ ජීවිතේ යම් යම් කඩඉම් තියෙනවා. ළදරු අවධිය – පාසැල් අවධිය – තරුණ අවධිය – පවුල් ජීවිතය – වැඩිමහල් අවධිය යන ආකාරයට පිළිවෙලක් තියෙනවා.තරුණ අවධිය කියන්නේ තමන්ගේ අධ්‍යාපන ජීවිතය අවසන් කරලා, එහි ප්‍රථිපල අනුව හොද රැකියාවක් හොයාගෙන පවුල් ජීවිතයට ඇතුළුවීමට සූදානම් වන කාලයයි.මා ප්‍රේම සම්බන්ධතා හෙළා දකින්නේ නැහැ.නමුත්, තරුණ අවධියේ ඇතිකරගන්නාවූ ප්‍රේම සම්බන්ධතා නිසා තම අනාගත – පවුල් ජීවිත කාලයම අවුල් නොකරගත යුතුයි.ඒ කියන්නේ, තරුණ කාලේ කියන්නේ පවුල් වුනාට පස්සේ, ජීවත්වෙන විදිහ ඊට කලින් අත්හදා බලන කාල පරිච්ඡේදයක් නොවේ.
2. මේක ලෝක ස්වාභාවය.තරුණ කාලෙදි ලිංගික සම්බන්ධකම්වලට තියෙන නැඹුරුව වැඩියි.ඉතින් විවාහයට පෙර ලිංගික සබදතා ඇතිකරගන්න එක ගැන මහ ලොකුවට හිතන්න ඕනේ නැහැ.එහෙම කියන කතාත් ඔබ ඕනෑ තරම් අසා ඇති..මේකත් මතක තියා ගන්න..!!!
“හැගීම්” කියන එක සුලු මොහොතකින් වෙනස් වෙන්න පුලුවන්.ඒත් ඒ මත අපේ මුලු ජීවිතේම තීරණය කරන්න පුලුවන්.සුලු මොහොතක වින්දනයක් ලබලා මුලු ජිවිතකාලේම විදවන්න ඔබ කැමතිද…?
*ලිංගිකත්වය නිසා තමයි ඕනෑම ජිවිතයක් ඇතිවන්නෙත්,බොහෝ තරුණ ජීවිත නැතිවෙන්නෙත්.. ලිංගිකත්වය හරියට නිකන් කඩුවක් වගෙයි.හරියට පාවිච්චි කළොත් ඕනෑම යුද්ධෙකදි ජය ලබන්නත් පුලුවන්..කොස් කෙටුවොත් එහෙම අවශ්‍යය වෙලාවට මොට්ටවෙලා තියෙන්නත් පුලුවන්…විවාහය කියන්නේ ඕනෑම තරුණ ජීවිතයක පූජනීය කඩඉමක්..
මේ පූජනීයත්වය ඊට පෙර කෙළෙසගෙන, තමන්ගේ ශුද්ධවන්ත ශරීරය යක්ෂ දේවාලයක් බවට පත් කරගත්තොත්, ඒවාට මුලු ජීවිත කාලේදිම වන්දි ගෙවන්නට සිද්ධ වේවි.
3. “ලිංගික ඇසුරේ සැබෑ සතුට විදින්නට විවාහ දිනය වෙනකල් බලාගෙන ඉන්නේ මොකටද..? ඒ විතරක් නෙමෙයි, ජිවිතේ අතරමගදි මුණගැහුණු කෙනෙක් සමග පවුල් කන්නට හදන එක මොන තරම විහිලුවක්ද.? තරුණ කාලේ ඕනෑම කෙනෙක්ව ඇදලා ගන්න පුලුවන් ආකර්ෂණ හැකියාවක් කෙල්ලෙක්ට,කොල්ලෙක� ��ට තියෙද්දි එක මලකට විතරක් නහින්නේ මොකටද..?
* ආදරය කියන්නේ ලිංගික ආශ්‍රය නොවෙයි.ඇත්තටම ආදරය කියන්නේ, විවාහයට පෙර ඇතිවන ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්තයි.
ආදරය යනු, ජීවිත පරිත්‍යාගය,තේරුම් ගැනීම,එකිනෙකාගේ ගෞරවය රැකීම සහ තවත් බොහෝ දේයි.නමුත් විවාහයට පෙර ලිංගික ඇසුවරක් කියන්නේ තම කෙටි කාලීන සැප සංසිදුවා ගැනීම සදහා අනෙකාගේ ජීවිතය පාවිච්චි කිරීමත්,අනෙකාගේ ජීවිතයට හා ශරීරයට අගෞරව කිරීමත් සහ එකිනෙකා තේරුම් නොගැනීමයි. කෙටියෙන්ම කිව්වත් එකිනෙකාගේ ගෞරවය කෙළෙස ගැනීමයි.විවාහයට පෙර ලිංගික ඇසුර විදින්නට පුරුදුව සිටි කිසිවෙක් විවාහයේ සැබෑ රසය දන්නේ නෑ.කොටින්ම කිව්වොත්, එවන් අයගේ ජීවිත ක්‍රියා කලාපයන් විවාහයෙන් පසුවත් පවුල් කඩාකප්පල් කරවමින්,ආරවුල් ඇතිකරවන්නට පුලුවන්.සීලාචාර ජිවිතයකට පිටුපාන ඕනෑම අයෙකුගේ ජීවිතය තුළ ඇතිවන අවිශ්වාසය සහා සැකය නිසා ඕනෑම ලස්සන පවුලක් කඩාකප්පල් වෙන්නත් පුලුවන්.ඒ විතරක් නෙමෙයි, කිසිදු හික්මීමක් නැති කෙල්ලෙක්,කොල්ලෙක් සමග යුග දිවියේ විවාහ පොරොන්දු රකිමින් තමන් සමග ජීවිතාන්තය දක්වා ඉදිවී කියා සහතික කල හැකිද..? ඔබ ඔබෙන්ම විමසා බලන්න ඒ ගැන.
4. විවාහයට පෙර ඇතිවිය හැකි ලිංගික සම්බන්ධතා ගැන කතා කරද්දී, තරුණ තරුණියන් අතරේ පොදුවේ පිළිගන්න න්‍යායක් තමයි..”හොරෙක්ට ගහලා හිර්ට දැම්මත් එකයි.හිරේ දාලා ගැහුවත් එකයි..” කියන අදහස.මේ ගැන මොනවද හිතෙන්නේ…?
* විවාහයට පෙර ඇතිවන ලිංගික සම්බන්ධතා,හැසිරීම� �� නිසා විවාහයක් සිදුවෙනවා කියන එක නම් ලොකු බොරුවක්.එහෙම ඇති වුණත් “උඩින් ඔපේ – යටින් හපේ” වගේ නිකම්ම නිකන් හැගීමෙන් ඇවිස්සිලා කරගන්න විවාහයක් වේවි.ඒවායේ තත්ව සහතික ගැන කවුරු වග කිව්වත් එවැනි විවාහ හරිම භයානකයි.නමුත් අනිත් අතට බැලුවොත්, යහපත් විවාහයක් තුළින් යහපත් ලිංගික සබන්ධයකට මග පෑදෙන බවනම් සහතිකයි.
*ඒ වගේම, “ආදරය” කියන්නේ “ලිංගිකත්වයට” නොවෙයි. ආදරේ කියන්නේ ලිංගිකත්වයටනම්, අපට අපේ දෙමව්පියන්ට,සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න අප නොහැකියි.නමුත් ආදරය බාල්දුවට ලක් කරන යොවුන් වයසේ හැගීම් පිළිබදව ප්‍රවේශම් වෙන්න ඕනේ.
ආදරය කියන්නේ, හැගීමක් නොවෙයි, “ජීවිතය ජීවත් කරවන ක්‍රියාවලියක්.. – හරියට හුස්ම ගන්නවා වගෙයි.ආශ්වාස ප්රාශ්වාස කරනවා කියන්නේ හැගීමක් නොවෙයි, ජීවිතය ජීවත් කරවන ක්‍රියාවලියක්.මේ නිසා අවංක ආදරය ගැන හරි හැටි දැනගෙන, තමන්ගේ කාඩ් එක ආරක්ෂා කරගෙන කටයුතු කරන ඕනෑම අයෙකුට මුළු සමාජයේම කීර්තිය හිමි වෙනව. අනිත් පැත්තෙන් බලඩ්දී, විවාහයට – පෙරදීම විවාහයෙන් පසුව සිදුවිය යුතු දෑ සිදු වී ඇත්නම්, ඒ අයගේ චරිතයේ කැළැල් කොච්චර හැංගුවත් එය කෙදිනක හෝ කෙසේ හෝ එළියට ඒවි.
5. වෙද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවෙලා තියෙද්දි, අපි මොකටද ලිංගිකව සම්බන්ධවෙන්නට බය වෙන්නේ…?
බලාපොරොත්තු රහිත ලෙස ගර්භනීභාවයට ලක්වීම හා වෙනත් ආසාධන රෝග වැළදීම නැවැත්වීමට වෙද්‍ය විද්‍යාව දියුණු බව ඇත්ත.නමුත්, මේ කිසිම ප්‍රතිකර්මයක් සියයට සියයක්ම සාර්ථක නැතිබව ඕනෑම වෙද්‍යවරයෙකුගෙන් ඔබට දැනගන්නට පුළුවන්.ඔබ බිය විය යුතු කාරණාව නම් එය නොවෙයි.විවාහයට පෙර ලිංගික සබදතා පවත්වලා, මොන හිතකින් ඊට පස්සේ තම පවුල් ජීවිතය ආරම්භ කරන්නද…? තම මාතෘ පදවියට බොරු කරලා වෙද්යවිද්යාවට මුවා වෙන්නට උත්සහ කරන්නේ ඇයි..?
6. විවාහයට පෙර ලිංගිකව හැරීම වරදක් කියලා අපි දන්නවා…නමුත්,මේකේ තවත් පැත්තක් තියෙනවා.සමහරවිට පෙම්වතා පෙම්වතියට කියනවා ඇති, “ඔයා මාව විශ්වාසකරනවනම් මට ඒක ඔප්පු කරන්න” කියලා..එහෙම නැත්නම්, විවාහයට පෙර ලිංගික ඇසුරක් පෙම්වතිය ප්‍රතික්ෂේප කළොත් පෙම්වතා අහනවා, “ඔයාට මාව සැකද..? කියලා.පෙම්වතුන් අතරේ මේ වගේ දෙබස් කියවෙද්දී, පෙම්වතිය කොහොම මෙවන් ලිංගික හැසිරීමකට පිටුපාන්නද කියලා..
* අද ලෝකය දිහා බලද්දී, මෙවන් දෙබස් පෙම්වතියගෙන් පෙම්වතාට කියන්නත් පුලුවන්,පෙම්වතා පෙම්වතිය කියන්නත් පුලුවන්,කවුරු කොහොම කිව්වත් ලිංගික ඇසුරකට යන මොහොතේදී දෙපාර්ශවය තුළම එකිනෙකා කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා.නමුත් සියල්ලටම හේතුව මේ විශ්වාසයම නෙවෙයි. ඒ කෙටිකාලීන සතුටක් සදහා දෙදෙනාගේම හදවත තුළ දැවෙන ආශාවයි.නමුත් මේ ආශාවටම වසග වෙලා පෙම්වතුන් කතා වෙන්නේ විශ්වාසය ආදරය ගැන විතරයි.ඇත්තටම, කෙල්ලෙක් මෙසේ තම පිරිසිදුභාවය කොල්ලෙක්ට පූජා කරන්නේ පුදුමාකාර විදිහට විශ්වාස කරලයි.
මෙහිදී අපි ඇත්තම අපිට නොපෙනෙන පැත්ත දිහා බලන්න ඕනේ.
1. පළමු කාරණාව තමයි, ඉහත කී ආකාරයේ රසබර හෝ කපටි දෙබස් කියලා පෙම්වතා තම විවාහයට පෙරම මේ ආකාරයේ ශරීර ඇපයක් ඉල්ලනව නම්, කොහොමද
දෙයියනේ ඒ ආදරය සැබෑ ආදරයක් වෙන්නේ..? කොන්දේසි රැසක් සහිතව පිදෙන එවන් ආදරයක්, අවංක ආදරයක් කියලා කියන්න පුලුවන් කාටද..?
2. ස්ථීර විවාහ සම්බන්ධයකට එන්නත් පෙර, මේ ආකාරයට තමන්ගේ ශරීරය බාල්දු කරන කෙල්ලෙක්ව කොහොමද කොල්ලෙක් 100%ක්ම විශ්වාස කරන්නේ..?
3. අනාගතයේදී තම දරුවන්ගේ “තාත්තා” තම දරුවන්ගේ “අම්මා” මේ විදිහට ( එක්තරා ආකාරයක ) කිසිදු වගතුවක් නැති ගණිකා සේවනයේ යෙදෙනවා නම්,
අනාගත දරුවෝ ගැන තව මොන කතාද..?
මෙය වරදක්..සිය දිවිහානිකරගන්නවට�� �් වඩා බරපතල මහා අපරාධයක්..
“බූරු ගැහුවත් එකයි – බලන් හිටියත් එකයි..වගේ,
මේ ආකාරයට ලිංගිකත්වය කේන්ද්‍රකරගෙන මව් පදවිය – පිය පදවිය කෙළෙසන ආකාරයේ
ඕනෑම පාපයන් වලට සම්බන්ධවන අයට අදටත් සමහර රටවල් වල දෙන දඩුවම නම්,
“ගල්ගසා මරා දැමීමයි..!!!
නමුත් සැබෑ දඩුවම නම්, “මෙවන් පාපයන් වලට මුළු ජීවිත ආලය පුරාවටම වන්දි ගෙවීමට සිද්ධ වීමයි…!!
Subscribe to:
Posts (Atom)